
(ඩී.ජී.සුගතපාල)
හෙද නිලධාරිණියක ලබා දුන් කිරි තේ එක පානය කිරිමෙන් පසු සිහි නැතිව ගිය බව පවසයා වෛද්‍යවරයකු තංගල්ල රෝහලට ඇතුළත් වී ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාරයාලය පවසයි.
මෙම වෛද්‍යවරයා රාත්‍රි රාජකාරියේ යෙදි සිටියදි රාත්‍රි 10ට පමණ රෝහලේ හෙද නිලධාරිණියක තමාට කිරි තේ එකක් දුන් බවත් එය පානය කිරිමෙන් පසුව නිල නිවාසයට ගිය බවත් නිල නිවසේදි තමාට සිහි මූර්ජා වු බවත් ඒ සඳහා ප්‍රතිකාර ගැනිම අවශ්‍ය බවත් පවසා වෛද්‍යවරයා මෙසේ රෝහලට ඇතුලත්ව ඇත.
මෙම වෛද්‍යවරයා කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු තනිවම නිල නිවසේ සිටින බවත් දකුණු පළාත් සේඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාරයාලය පැවසු අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමරශණයක්ද ආරම්බ කර ඇත.

