හෙදියකගේ කණට ගැසුවාට පරීක්ෂණයක් ඉල්ලයි


 ( රංජන්  කස්තුරි )
මහරගම දන්ත රෝහලේ වෛද්‍යවරියක් එම රෝහලේ හෙදියකට කණට පහර දුන් බවට කියන  සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලයි.
එම හෙද නිලධාරිනිය කොළඹ ජාතික රෝහලේ 73 වැනි වාට්ටුවට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින්නීය.
එම හෙද නිලධාරිනිය සෞඛ්‍ය අධ්‍යාපන ප්‍රවර්ධන  නිලධාරිනියක් ලෙස කටයුතු කරන අතර හෙදිය හා වෛද්‍යවරිය අතර බහින්බස්වීමක් දුරදිග ගොස් වෛද්‍යවරිය හෙදියගේ කණට පහර කිහිපයක්  ගසා ඇතැයි ද රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයට කර ඇති පැමිණිල්ලේ සඳහන්ය.
එම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන්නැයිද එසේ නොකළහොත් වෘත්ති ක්‍රියාමාර්ගයක් ගන්නා බවද රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.