
පරිපූරක හෙද සහ අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තිය සමිති 15ක සේවක සේවිකාවන් අද (24 ) ඇරැඹු වැඩවර්ජනයක හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් මහත් අසීරුතාවයකට පත්වසිටියහ.
එමෙන්ම වෛද්‍යවරුන් සටහන්කර දෙන බෙහෙත් සහ රසායනාගාර සේවාවන්ට අදාල සේවක සේවිකාවන් වර්ජනය නිරතවීම නිසා එම සේවාවන් පිටතින් ලබා ගැනීමට රෝගීන්ට සිදුවිය.
පරිපූරක හා අතුරු වෛද්‍ය වෘත්තිකයින්ට මාණ්ඩලික තත්ත්වය පිරිනැමීම, වැටුප් විෂමතාව ඉවත් කිරීම, නිසි පරිදි උසස්වීම් ක්‍රමවේදයක් සකස් කිරීම, සෞඛ්‍යය පරිපාලන සේවාවක් ස්ථාපිත කිරීම, ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කෙරිණි .
හෙට (25) දිනයේදීද වර්ජනය ක්‍රියාත්මක විමට නියමිතය.
මේ හේතුවෙන් ඖෂධ නිකුත් කිරිමේ කවුළු පාළුවට ගොස් තිබූ අයුරු සහ රෝහලේ රෝගීන් පිරි සිටි අයුරු ඡායාරූප වලින් දැක්වෙයි.
(ඡායාරූප ගයාන් අමරසේකර)


(ඡායාරූප: තුසිත කුමාර ද සිල්වා)
කළුතර දිස්ත්‍රික් රෝහල

(ඡායාරූප: ප්‍රසාද් රුක්මල්)
බදුල්ල මහ රෝහල ඉදිරිපිට



