හෘද ප්‍රතිකාර බේතක් ගන්න ප්‍රසම්පාදනය ඉන්දියාවට


(අංජුල මහික වීරරත්න)

පෙර පුරවා ඇති එනොක්සපාරින් සෝඩියම් එන්නත් 4,000 අයියු, මිලිලීටර් 0.4 සිරින්ජර්/ වයල් 900,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

හෘද රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරනු ලබන පෙර පුරවා ඇති එනොක්සපාරින් සෝඩියම් එන්නත් 4,000 අයියූ, මිලිලීටර් 0.4 සිරින්ජර් / වයල් 900,000ක් සපයා ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා තිබේ. 

ඒ සඳහා, ලංසු හයක් (06) ඉදිරිපත් වී ඇත. අදාළ ලංසු සම්බන්ධයෙන් වූ ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව අවම ලංසුකරු වන ඉන්දියාවේ M/s. Gland Pharma Limited, (Manufacturer - M/s. Gland Pharma Limited, India) වෙත අදාළ ප්‍රසම්පාදනය ඇමෙරිකානු ඩොලර් මිලියන 1.143 ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.