(සනත් ගමගේ, පද්මසිරි ගාර්දියවසම් සහ ගයාන් සූරිය ආරච්චි)
හුංගම පිංගම ප්‍රදේශයේදී අද (02) පස්වරුවේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය පැවසීය .
මෙලෙස ඝාතනය කර ඇත්තේ හුංගම කිවුල පිට්ටනියාය ප්‍රදේශයේ පදිංචි දිසානායක මුදියන්සේලාගේ ඉමේෂ් කැලුම් කුමාර නමැති 32 හැවිරිදි විවාහකයෙකි .
පොලිසිය පැවසුවේ පුද්ගලික ආරවුලක් මත වෙඩිතැබීම සිදුකර ඇති බවයි.
බලපත්‍ර සහිත බෝර 12 ගිණි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර සැකකරු ගිණිඅවිය සමග හුංගම පොලිසියට පැමිණ බාරවී තිබේ .
වෙඩි වැදුණු පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.
තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල සෙනෙවිරත්න මහතාගේ උපදෙස් පරිදි හුංගම පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි .

