
(නිමන්ති රණසිංහ)
කුරුඳුවත්ත ප්‍රදේශයේදී විරෝධාවක සහභාගී වී පොලිස් රාජකාරියට බාධා කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 13 දෙනාට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා නියෝග කළේය.
කුරුඳුවත්ත පොලිස් භූමියේ රැඳී සිටිමින් විරෝධතාවයේ නිරතව සිටියදි ඊයේ (14) සවස හිරුණිකා ඇතුළු පිරිස අත්අඩංගුවට ගත්තේය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



