හින්දූ භක්තිකයන්ගේ ලොකුම උත්සවයක් ලංකාවේ


 

(අංජුල මහික වීරරත්න)

2024 ජාත්‍යන්තර ශ්‍රීමත් භගවත් ගීතා මහෝත්සවය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

හින්දු භක්තිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය ලෙස සැලකෙන ශ්‍රීමත් භගවත් ගීතාව සම්බන්ධ ආගමික සිදුවීම් මාලාව හා ශ්‍රීමත් භගවත් ගීතාව වෙනුවෙන් වන්දනීය උපහාරයක් පිදීම සඳහා ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ කුරුක්ෂ්‍රේත්‍ර සංවර්ධන මණ්ඩලය විසින් වාර්ෂිකව භගවත් ගීතා මහෝත්සවය පවත්වනු ලබන බව රජය පවසයි.

මෑත වර්ෂ වලදී එම උත්සවය විදේශයන්හිදීද පවත්වා ඇති අතර 2024 වර්ෂයේ ජාත්‍යන්තර ශ්‍රීමත් භගවත් ගීතා මහෝත්සවය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට යෝජනා කර තිබේ.

ඒ අනුව ඉන්දියාවේ හරයානා ප්‍රාන්තයේ කුරුක්ෂේත්‍ර සංවර්ධන මණ්ඩලයේ මූල්‍ය අනුග්‍රහය මත එම උත්සවය මාර්තු 1 දින සිට 3 වැනිදා දක්වා නෙළුම් පොකුණ පරිශ්‍රයේ පැවැත්වීම පිණිස බුද්ධ ශාසන හා ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.