හිටපු හමුදා සෙබළ පාසලට පැන සිසුවාට ගහල


(නිමල් ජයරත්න)

හිටපු හමුදා සෙබළකු වැලිකන්දේ පාසල පැන එහි නවය වසරේ ඉගෙනුම ලබන  සිසුවකුට  පාසල් තුළදී, කනට පහරදීමෙන් එම සිසුවා වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබූ වැලිකන්ද පොලිසිය කියයි.

මේ පිළිබඳව  විදුහල්පතිවරයා  පැමිණිලි කිරීමෙන් අනතුරුව හිටපු හමුදා සෙබළා අත්අඩංගුවට ගත් වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ  හිටපු හමුදා ප්‍රධානියකුගේ ආරක්ෂකයකු ලෙස කලක්   කටයුතු කළ දැනට හමුදාවෙන් ඉවත්ව සිටින  රුහුණගත ප්‍රදේශයේ පදිංචි හිටපු හමුදා සෙබළකු බවද වැලිකන්ද පොලීසිය සඳහන් කරයි.

පාසල් සිසුවිය අතර ඇති වූ ලිපි ගනු දෙනුවක් සම්බන්ධයෙන් සිසුන්ගේ මව්පිය දෙපාර්ශවය විද්‍යාලයට කැඳවා සමථයට පත්කිරීමෙන් අනතුරුව හිටපු සෙබලා, පාසල් භූමියේදී සිසුවාගේ කනට පහරදී ඇති බවත්, ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව හිටපු සෙබලා අත්අඩංගුවට ගෙන ඇත.