හිටපු ලේකම්වරයෙක් ගැන බන්දුලගෙන් පැමිණිල්ලක්


(කේ බුද්ධික කුමාරසිරි)

තමන්ට අපහාස වන අයුරින් තමාගේ හිටපු මාධ්‍ය ලේකම්වරයෙකු ඔහුගේම මුහුණු පොත හරහා  අපහාස උපහාස සිදුකිරීම සහ තම සමීපමතමයන්ට දුරකථනයෙන් මරණ තර්ජන සිදු කිරීම යන සිද්ධියක් සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත පැමිණිල්ලක් යොමු කල බව හිටපු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය

එම හිටපු මාධ්‍ය ලේකම්වරයා තමන් සමග සේවය කරමින් සිටියදී  තමාට අයත් ණය කාඩ් පතකින් මුදල් වංචාවක් කළ බවත්  හිටපු අමාත්‍යවරයා පැවසීය.

ඒමෙන්ම මහා මාර්ග අමාත්‍යවරයා ලෙස තමන් විසින්ම මග නැගුම ආයතනයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු ලෙස පත් කරන ලද එම පුද්ගලයා  මේ ආකාරයෙන් මුහුණු පොත හරහා  අපහාස උපහාස කිරීමත් තමාගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරුන්ට මෙන්ම හිටපු ආරක්ෂක නිලධාරීන්ට ද දුරකථන මාර්ගයෙන් තර්ජනය කිරීමත් සම්බන්ධයෙන් එම පුද්ගලයාට එරෙහිව වැඩ බලන පොලිස්පතිවරයා වෙත පැමිණිලි කල බවද ගුණවර්ධන මහතා පැවසීය

නගන චෝදනා සම්බන්ධයෙන් තමා නිවැරදි වනතුරු දේශපාලනය කිරීමට කැමැත්තක් නොමැති බවත් වැඩ කටයුතු විශාල කොටසක් සිදු කලත් මේ අයුරින් අපහාස උපහාස විඳිමින් දේශපාලනය නොකරන ලෙසත් දේශපාලනයෙන් ඉවත් වන ලෙස තම පවුලේ දූ දරුවන් විසින් දිගින් දිගටම බලපෑම් සිදු වන බැවින් එම පැමිණිල්ල පිළිබඳව හැකි ඉක්මනින් විමර්ශනයක් සිදුකරන නව රජයේ බලධාරීන්ට දැනුම් දෙන බවද හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.