හිටපු ජනාධිපතිලාගේ ආරක්ෂාව ඉවත් කරන්නේ නෑ


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීමක් ගැන පනතේ කිසිම තැනක සඳහන්ව නැතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය:-(ජා.ජ.බ) පැවැසුවාය.

මේ ක්‍රියාවලිය ගැන බොහෝ වැරදි තොරතුරු සමාජ ගත කරනවා.අප ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව ඉවත් කරන බව කිව්වා.ආරක්ෂාව ඉවත් කිරීම ගැන මේ නීතියේ කිසිම තැනක නෑ.ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් කතා කරන්නේ ඇයි.මේ නොකියා කියන්නේ අනුර ජනාධිපතිවරයා පාතාලය ඉවත් කළොත් අපි බලා ගන්නම් වගේ කතාවක්.අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වී තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රජයක් සිටින නිසයි. අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඕන නම් පාලකයන් වෙනස් විය යුතුයි. පාලකයන් සමානාත්මතාවය පිළිගත යුතුයි.මහින්ද වගේම මෛත්‍රීපාලත් ඉන්නේ ගෙවල් දෙකක් එකතු කරගෙන හදපු මන්දිර වල. මේ අකාරුණික බව ගැන කිව හැක්කේ කුමක්ද?අපට තවදුරටත් විපක්ෂයේ ආරක්ෂාව අවශ්‍ය නෑ. අප ජනතාවගේ ආරක්ෂාව මත සිටින රජයක් යනුවෙන්ද මන්ත්‍රීවරිය කීවාය.