(සුමිත් පොතුපිටිය)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදෙන දිනයේ ඔහුට සුභ පතන්නට ලංගම බස් රථයකින් බොරැල්ල මැතිවරණ කාර්යාලය අසලට ගිය ඩිපෝ කළමණාකරුවකු ඇතුළු හය දෙනකු ගේ වැඩ තහනම් කර ඇති බව කළුතර දිස්ත්‍රික් ලංගම ප්‍රාදේශීය කාර්යාලය සදහන් කරයි.
මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ හොරණ ඩිපෝ කළමණාකරු , සහකාර කළමණාකරු (පාලන) සහ තවත් සේවකයන් සිව්දෙනකු ගේ බව සදහන් වේ.
පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නාමයෝජනා භාරදෙන දිනයේ ඔහුට සුභපැතීම සහ සහය පළකිරීම සදහා හොරණ ඩිපෝවට අයත් බස් රථයෙන් ඔවුන් හයදෙනා රාජකාරි කාලය තුලදී බොරැල්ල දක්වා ගමන්කර ඇති බවට සදහන්ව ඇති බව ලංගම කළුතර උසස් නිළධාරියෙක් පැවසීය .
එම ලංගම නිළධාරින් දෙදෙනා සහ සේවකයන් සිව්දෙනා ලංගම බස් රථයෙන් බොරැල්ලට ගමන් කර ඇති බවට මැතිවරණ කොමිසමට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවලින් පසු වැඩ තහනම සිදුකර ඇති බවද ප්‍රකාශකයා කීය.
ලංගම මුලස්ථානයේ ප්‍රධාන විනය කළමණාකරු විසින් එකී වැඩ තහනම් නියෝගය නිකුත් කර ඇති බවද සදහන් වේ.