(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති වරප්‍රසාද පනත රටේ නීතියට මෙන්ම මිහිඳු මාහිමි කී දේටත් පටහැනි බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමේ විවාදය අරඹමින් පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
"ජනාධිපති හිමිකම් පනත අහෝසිය සඳහා අද මේ පනත ගෙන එනවා.රජෙක් වේවා ජනාධිපති කෙනෙක් වේවා අධිකාරි බලය පවත්වාගත යුත්තේ ජනතාවගේ භාරකාරයා ලෙස මිස අයිතිකාරයා ලෙස නොවන බව මිහිඳු මහරහතන් වහන්සේ පවසා තිබෙනවා.ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය බැලුවත් අපේ ජනපති සිට පහළට සියලු දෙනා කියන්නේ ජනතාවට තිබෙන වරප්‍රසාද වලින් තඹ දොයිතුවක් එපා කියන කාරණයයි කාරණයයි යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.