
(ඉන්දිකා රාමනායක)
හිසට සෙවණක් නොමැතිව ඉතා දුෂ්කරතාවයන් මධ්‍යයේ ජිවිකාව ගෙවමින් සිටි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකාවක් වෙනුවෙන් පේදුරුතුඩුව ප්‍රදේශයේ ඉදිකළ නව නිවසක් යුද හමුදාව විසින් පසුගියදා බාරදුන් බව හමුදාව පවසයි.
මෙලෙස නිවස ලබා දී ඇත්තේ හිටපු එල් ටී ටී ඊ සමාජිකාවක් වු නිරෝජින් යොහාම් මහත්මියට වන අතර ඇය දෙදෙරු මවකි.
වර්ෂ 2009ට පෙර පැවති යුදමය කාලවකවානුවේදී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ බලකිරීම මත එම සංවිධානයට එක්ව එල්.ටී.ටී.ඊ සාමාජිකාවක ලෙස කටයුතු කර ඇති අතර , පුනරුත්ථාපනය වීමට පෙර එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ අණදීම යටතේ විශ්වමඩු ප්‍රදේශයේ සේවය කර ඇත.
පසුව පුනරුත්ථාපනය වු ඇය දරුවන් දෙදෙනෙකු සහ ශාරීරික දුබලතාවයෙන් යුත් පෙදරේරුවෙකු වන සැමියා සමඟ හිසට සෙවණක් නොමැතිව ඉතා දුෂ්කර ජීවිතයක් ගත කළ බව හමුදාව පවසයි.
පසුව හමුදාව විසින් නිවස ඉදිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර, නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය මුල්‍යමය අනුග්‍රහකත්වය මේජර් ජෙනරල් රවී රත්නසිංහම් (විශ්‍රාමික) ගේ සම්බන්ධීකරණයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ (1980 දමිළ මාධ්‍යය කණ්ඩායමේ) ආදි ශිෂ්‍ය ආචාර්ය වල්ලිපුරම් ශිවකුමාර් මහතා විසින් ලබාදුන් ලබා දී දුන් බව හමුදාව පවසයි.
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය සහ 16 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා අව්‍ශ්‍ය ශ්‍රමදායකත්වය ලබාදුන් බව හමුදාව කියයි.
ඔවුන් වෙනුවෙන් ඉදිකල නව නිවස විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය ආරක්ෂසක සේනා ආඥාපති - මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා මහතාගේ සහභාගි වු අතර, ඒ මහතාගේ සුරතින් නව නිවසේ යතුර නිවාසලාභියා වෙත ප්‍රදානය කළේය.

