හිටපු ඇමැති රුවන් මාලදිවයිනේ කතානායක හමු වෙයි


(අංජුල මහික වීරරත්න)

මාලදිවයින් හිටපු ජනාධිපති සහ වර්තමාන කථානායක මොහොමඩ් නෂීඩ් මහතා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අද සිදුවිය.

වර්තමානයේ  රට මුහුණ දී ඇති අසීරු තත්වය හමුවේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා සම්බන්ධීකරණය කරමින් සිදුකරන කර්තව්‍යය වෙනුවෙන් මාලදිවයිනේ කතානායකවරයාට මෙම සාකච්ඡාවෙිදී  ස්තුති කළ බව කී රුවන් විජයවර්ධන මහතා රාජතාන්ත්‍රික සම්බන්ධීකරණ කටයුතු වල ඉදිරි ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බවද සඳහන් කළේය.

මොහොමඩ් නෂීඩ් මහතා ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන මිතුරකු වන අතර එතුමා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ඉල්ලීම මත ශ්‍රී ලංකාවට සහය දක්වන රාජ්‍යයන් සම්බන්ධීකරණය කිරීමේ වගකීම ස්වෙච්ඡාවෙන්ම බාරගන්නා ලද බව රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.

(ඡායාරූප: ඩික්සන් වසන්න)