(සුජිත් හේවාජුලිගේ)
හිඟුරක්ගොඩ ගුවන් තොටුපොළ ජාත්‍යන්තර සිවිල් ගුවන් තොටුපොළක් ලෙසට සංවර්ධන කිරීමට සැලසුම් කර ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
දැනට එම ගුවන් තොටුපොළේ පරිපාලන කටයුතු සහ මෙහෙයුම් කරනු ලබන්නේ ගුවන් හමුදාව විසිනි.
වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති විශේෂ සාකච්ඡාවකදීය.
ගුවන් හමුදා මෙහෙයුම් කටයුතු සඳහා පරිහරණය කළ මෙම ගුවන් තොටුපොළ ජාත්‍යන්තර සිවිල් ගුවන් තොටුපොළක් බවට පරිවර්තනය කිරීමෙන් පොලොන්නරුව,සීගිරිය,අනුරාපුරය,දඹුල්ල වැනි ස්ථාන නැරඹීම සඳහා පැමිණෙන විදේශීය සංචාරකයින් වඩාත් හොඳින් ආකර්ශනය කරගැනීමට හැකි වන බවත් එමගින් විශාල විදේශ විනිමයක් උපයාගත හැකි බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදී විශ්වාසය පළ කළේය.

