( එම් .සුසිල් ප්‍රියන්ත සහ දයා සිරිල් ධම්මික )
හික්කඩුව විවිධ සේවා සමුපකාර සමුපකාර සමිතියට අයත් තිරාණගම ග්‍රාමීය බැංකුව අද ( 24 ) සිට නැවත දැනුම්දෙන තුරු වසා දමන ලෙසට හික්කඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂවරු උප දෙස් දුන්හ.
ඒ අනුව තිරාණගම ග්‍රාමීය බැංකුව වසා දැමීමට අද (24 ) හික්කඩුව විවිධ සේවා සමුපකාර සමිතිය පියවර ගත්තේය .
වැලිසර නාවික හමුදා කදවුරෙන් නිවාඩුවට හික්කඩුවේ නාරිගම නිවසට ආ නාවික හමුදා සෙබලකුගේ මව ගනුදෙනු කිරීමට තිරාණගම ග්‍රාමීය බැංකුවට පැමින ඇති නිසා මේ ග්‍රාමීය බැංකුව වසා දැමීමට පියවර ගත්බව හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලයේ ප්‍රකාශකයකු කීවේය .
මේ වනවිට මේ නාවික හමුදා සෙබලාගේ සෙම පටල පී .සී.ආර්. පරීක්ෂණයට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට යැවීමට පියවර ගෙන ඇති බවත් ඒ පරීක්ෂණයේ ප්‍රතිපල මත මේ ග්‍රාමීය බැංකුවේ විවෘත කිරීමේ දිනය තීරනය කරනු ලබන බවත් එම ප්‍රකාශකයා කීවේය .

