(තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම, දර්ගා නගරයේ වැලිපිටිය ග්‍රාම නිලධාරී වසමේ කළ සෝදිසි මෙහෙයුමකදී අද(2) හැඳුනුම්පත් 20ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා එරාවුර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ද පොලිසිය පවසයි.
මේ අතර අනන්‍යතාව තහවුරු කර ගත නොහැකි වූ තවත් පුද්ගලයකු ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
ආදායම් බලපත්‍ර රහිත යතුරු පැදි 2ක් ද මෙහිදී පොලිසිය බාරයට ගැණිනි.
අලුත්ගම පොලීසිය විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව එක්ව මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කළ බව අලුත්ගම පොලීසිය කියයි.



