හැඳුනුම්පත් -ලිපි ලේඛන හොරට හැදු අයෙක් මාට්ටු


(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියකු ලෙස ව්‍යාජ හැඳුනුම්පත් ඇතුළු තවත් ව්‍යාජ ලේඛන සකස්කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

පානදුර ප්‍රදේශයේ පුද්ගලයකු විසින් සිදු කරන ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වූ තොරතුරු අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර නගරයේ බස් නැවතුම්පොළ ඉදිරිපිටදීය.

සැකකරු එම කොමිෂන් සභාවේ නිලධාරියකු ලෙස ව්‍යාජ හැඳුනුම්පස් සහ ව්‍යාජ ලිපි ශීර්ෂ සකස් කරමින් 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ 124 වගන්තිය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇතැයි එම කොමිෂන් සභාව සඳහන් කරයි.

සැකකරු පානදුර ගොරකපළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතරින් කොළඹප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. අල්ලස් හෝ දූෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණපවත්වයි

.