හැඳුණුපත් කාර්යාලයත් වහයි


(යොහාන් භාසුර)

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කීපදෙනකු ‘කොවිඩ්’ ආසාදිතයන් ලෙස හදුනාගැනීම නිසා බත්තරමුල්ල ප්‍රධාන කාර්යලය සහ සියලුම පළාත් කාර්යාල නැවත දැනුම් දෙනතුරු මහජනතාව සඳහා වසා තැබෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.

එම කාර්යාල වසා තිබුණ ද හැදුනුම්පත් ලබාගැනීමට දිනයන් සහ වේලාවන් වෙන්කළ සියලුම අයදුම්කරුවන්ට එදින හෝ ඊට පෙර හැදුනුම්පත් පෞද්ගලික ලිපිනයට යොමු කරන බවත් ඉල්ලුම්පත් යොමු කළ අයගේ හැදුනුම්පත් කඩිනමින් යොමු කරන බවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා කියයි.

විභාග, සම්මුඛ පරීක්‍ෂණ සහ විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම වැනි හදිසි අවශ්‍යතා සඳහා හැදුනුම්පත් ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් ඒ සඳහා 0115226126 හෝ 0115226100 (ප්‍රධාන කාර්යාලය), 0912228348 (දකුණු පළාත් කාර්යාලය), 0372224337 (වයඹ පළාත් කාර්යාලය), 0652229449 (නැගෙනහිර පළාත් කාර්යාලය) සහ 0242227201 (උතුරු පළාත් කාර්යලය) යන දුරකථනවලට සතියේ දිනවල ඇමතිය යුතු බවත් [email protected] යන විද්‍යුත් ලිපිනය හරහා ද තොරතුරු ලබාගත හැකි බවත් එම දෙපාර්තමේනතුව වැඩි දුරටත් පවසයි.