
(අංජුල මහික වීරරත්න)
එක්ස්ප්‍රස් පර්ල් සමුද්‍ර දූෂණය හේතුවෙන් ජීවනෝපායට බලපෑම් එල්ල වූ සියලු ධීවර ජනතාවට කඩිනමින් වන්දි දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීය.
එම ධිවර ජනතාවගෙන් කොටසකට වන්දි ගෙවීම් මේවන විටත් සිදු කර තිබෙන බවද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි මොරටුව විල්ලෝරාවත්ත ප්‍රදේශයේ ජනතාව සමඟ පැවති සුහඳ හමුවකදීය.
එහිදී මොරටුව ප්‍රදේශයේ ජීවත්වන වඩු කාර්මිකයන්ට විශ්‍රාම වැටුපක් ලබා දෙන ලෙස කළ ඉල්ලීමට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කීවෙි අවිධිමත් ශ්‍රම වෙළෙඳපොලේ රැකියා කරන සියලු දෙනා වෙනුවෙන් ආරම්භ කරන විශ්‍රාම වැටුප සහ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ පිළිබඳව ‘පුළුවන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ සඳහන් කර තිබෙන බවයි.
වරාය පහසුකම් වැඩිදියුණු කරන ලෙස මෙහිදී ඉදිරිපත් කෙරුණු යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්වු ජනාධිපතිවරයා සඳහන් කළේ ත්‍රිකුණාමලය වරායේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් පවතින අතර ඊට සමගාමීව හම්බන්තොට සහ කොළඹ වරායද සංවර්ධන කෙරෙන බවයි.

