(අංජුල මහික වීරරත්න)
රෝහල්ගතව සිටින සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී හරීන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසීමට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (23) පෙරවරුවේ එහි ගියේය.
හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රහස් පොලිසියේ ප්‍රශ්න කිරීමට කැඳවීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ මරු පහරක් බව රුවන් විජයවර්ධන මහතා මෙහිදී හරීන් ප්‍රනාන්දු මහතා හමුවේ සඳහන් කළේය.
හරීන් ප්‍රනාන්දු මහතාට අවශ්‍ය නීති සහාය ලබාදීමට එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියා කර තිබෙන බවද විජයවර්ධන මහතා හරීන් ප්‍රනාන්දු මහතාට දැනුම් දුන්නේය.
නිදහස් අදහස් පළකිරීමේ අයිතිය පවා අහුරා දමන මෙවැනි බියගුලු ක්‍රියා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සහ තමාගේ පිළිකුල පළ කරන බවද බවද විජයවර්ධන මහතා වැඩිදුරටත් කීය.
අයුක්තිය සහ අසාධාරණයට එරෙහිව කටයුතු කිරීම සඳහා එක්සත් ජනතා පක්ෂය සෑම විටම අත්වැල් බැඳ ගැනීමට සූදානම් බවද රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මෙවැනි අසාධාරණ ක්‍රියා වලට එරෙහිව දේශපාලන භේදවලින් තොරව සියලුම ප්‍රගතිශීලී ප්‍රජාව එක්විය යුතු බවද විජයවර්ධන මහතා කීය.

