(සුමතිපාල දියගහගේ )
හබරාදූව අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි මහා විද්‍යාල පහක් අධ්‍යපන අමාත්‍යංශය විසින් අලුතෙන් ජාතික පාසල් ලෙස උසස් කර තිබේ.
ඒ අනුව අහංගම ශාරිපුත්‍ර මහ විදුහල, අහංගම රෝහන මහ විදුහල, දික්කුඹුර සිද්ධාර්ථ මහ විදුහල, හබරාදුව කටුකුරුන්ද ධාර්මික මහ විදුහල සහ දොරපෙ මහ විදුහල යන පාසල් පහ මෙසේ ජාතික පාසල් ලෙස උසස් කර ඇත.
වැවිලි කර්මාන්ත ඇමති වෛද්‍ය රමේෂ් පතිරන සහ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි යන මහත්වරුන්ගේ නිර්දේශ මත අධ්‍යාපන අමාත්‍යංශය මෙම පියවර ගෙන ඇත.
මීට පෙර අහංගම කතලුව මහ විදුහල සහ බටේමුල්ල මහ විදුහල යන පාසල් දෙක ජාතික පාසල් ලෙස උසස්
කර තිබුණි. ඒ අනුව එම ජාතික පාසල් දෙකත් අලුතෙන් ජාතික පාසල් ලෙස උසස්කර ඇති පාසල් පහත් සමග හබරාදුව අධ්‍යාපන කොට්ඨාශය තුල ජාතික පාසල් හතක් ක්‍රියාත්මක වේ

