
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
හදිසි තත්ත්වය තවත් මසකින් දීර්ඝ කිරීමේ මහජන ආරක්ෂක පනතේ නියෝගය වැඩි ඡන්ද 128කින් පාර්ලිමේන්තුවේදී අද (09 පස්වරුවේ සම්මත විය.
නියෝගයට පක්ෂව ඡන්ද145ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද හතක් පමණි.
ඡන්දය විමසන අවස්ථාවේදී සභාවේ සිටි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු නියෝගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
මන්ත්‍රී ජී.ජී පොන්නම්බලම් මහතා නියෝගයට ඡන්ද විමසීමක් අවශ්‍ය බව ප්‍රකාශ කළේය.
දිට්වා සුළි කුනාටුවෙන් පසු ඇති වූ ආපදා තත්ත්වය පාලනය කිරීම සහ ඉන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කරනු ලැබීය.

