(යොහාන් භාසුර)
අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල වන මරණවලින් අඩකට වඩා ශක්තිමත් හදිසි සත්කාර පද්ධතිවලින් වළක්වා ගත හැකි බව ගෝලීය දත්ත අනාවරණය කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (23) පැවසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි සත්කාර සේවා රාමුවට අනුව හදිසි සත්කාර යනු විශ්වීය සෞඛ්‍ය ආවරණය සඳහා වූ මානව අයිතියේ මූලික කරුණක් බවත් අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල සිදුවන මරණවලින් අඩකට වඩා ශක්තිමත් හදිසි සත්කාර පද්ධති සමඟින් වළක්වා ගත හැකි බව ගෝලීය දත්ත අනාවරණය කරන බැවින් එම පද්ධතීන් ශක්තිමත් කිරිමට පියවර ගත යුතු බවත් අමාත්‍යවරයා කීය.
ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ 2024-2025 වසර සදහා නව සභාපතිවරයා පත්කිරීම වෙනුවෙන් පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එසේ පැවසීය.
සංවර්ධිත රටවල් වසර 50 කට පෙර හදිසි ප්‍රතිකාර වෛද්‍ය විද්‍යාව තීරණාත්මක විශේෂත්වයක් ලෙස පිළිගෙන ඇති බවත් 2004 සුනාමි ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාව තුළ හදිසි වෛද්‍ය ප්‍රතිකාර පිළිබදව විශේෂඥතාවක අවශ්‍යතාවය දැනෙන්නට වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එම උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ නව සභාපතිවරයා ලෙස හදිසි ප්‍රතිකාර පිළිබද විශේෂඥ වෛද්‍ය ඉණුක විජේගුණවර්ධන මහතා පත්විය.