(සුජිත් හේවාජුලිගේ )
මවුපියන් දරුවන් මහමග අතහැර යාමේ සිද්ධීන් හැටක් පසුගිය වසර හයේදී වාර්තාවී ඇතැයි පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස් එන්.අයි ලියනගේ මහතා පැවසීය.
මේ අනුව හදාවඩා ගැනීමට නොහැකි මාස 3 ට අඩු දරුවන් බාරදීම සඳහා පළාත් මට්ටමින් කවුළු පිහිටුවීමට තීරණය කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
මේ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කරන බව දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ගවලින් පැවසෙයි.
මේ අතර දරුවන් 80 දෙනකු විවිධ හේතු මත එම කාලයේදී ඝාතනයට ලක්ව ඇතැයි පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස්වරයා කීවේය.
දරුවන් බාර ගැනීමේ කවුළුවලට සිය දරුවන් බාරදෙන මවුපියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා බව පවසන ලියනගේ මහතා මේ සඳහා වන නව නීති පාර්ලිමේන්තුවට නුදුරේදීම ඉදිරිපත් කිරීමට නියමිත බවද ප්‍රකාශ කළේය.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය අධිකරණ අමාත්‍යාංශය මාර්ගයෙන් මෙම නව නීති පාර්ලිමේන්තුවට නුදුරේම ඉදිරිපත් කෙරෙනු ඇත.

