දැන් මැතිවරණ සිතියම හකුලලා දමලා. සීමා නීර්ණය කොම්සමක් දමලා බොරුවට ඇදගෙන යනවා. මේ නිසා සුලු ජනකොටස්වල නියෝජනය අඩු වෙනවා යැයි රාවුෆ් හකීම් මහතා පවසයි.
මේ සම්බන්දයෙන් අපි දැඩි අවදානයකින් ඉන්නේ. අපි ඉල්ලන්නේ පැරණි ඡන්ද ක්‍රමයේ වෙනසක් කරන්න. මුලින්ම පළාත් සභා ඡන්දය තියන්නැයි ද රාවුෆ් හකීම් මහතා ඉල්ලා සිටියේය.
විපක්ෂයේ ඒකාබද්ධ මාධ්‍ය හමුවට එක්වෙමින් රාවුෆ් හකීම් මහතා මේ බව පැවැසීය. මැන්ඩරීනා හෝටලයේ දී අද මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

