අජන්ත කුමාර අගලකඩ
ඇමැති ධූරවල යළි දිවුරුම් දුන් රාවුෆ් හකීම් සහ රිෂාද් බදියුදීන් යන ඇමැතිවරු දෙදෙනා අද (30) උදේ පැවති කැබිනට් රැස්වීමට සහභාගී වුහ.
කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) උදේ 7.30 ට පමණ ජනාධීපති කාර්යාලයේ දී ආරම්භ වු අතර, එම ඇමැතිවරුන් දෙදෙනා ද සති කිහිපයකට පසුව කැබිනට් රැස්වීමට සහභාගී වී ඇත.
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් පසුව ආණ්ඩුවේ ඇමැති, රාජ්‍ය ඇමැති සහ නියෝජ්‍ය ඇමැතිධූර දරණ මුස්ලිම් මන්ත්‍රිවරු 9 දෙනා සිය ධූරවලින් ඉල්ලා අස්වුහ.
ඉන් කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් සහ මන්ත්‍රීවරුන් දෙදෙනා ඉකුත් ජුනි මස 19 වැනි දා යළිත් එම ධූරවල දිවුරුම් දුන් අතර ඉතිරි හත් දෙනාගෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

