සෞභාග්‍ය සම්පන්න අනාගතයක්


(නිමල කොඩිතුවක්කු)

අන්ධකාර සමය නිමා වී, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සෞභාග්‍ය සම්පන්න දීප්තිමත් අනාගතයක් උදෙසා අධිෂ්ඨානශීලිව පෙළ ගැසීමේ ශක්තිය රටේ සමස්ත පුරවැසි පරපුරට ලැබේවායි ප්‍රාර්ථනා කරන බව සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ස්වයංපෝෂිත ආර්ථික රටාවක් පැවති රටේ මේ වන විට කඳුළු සලන පාරාදීසයක් බවට පත්ව ඇති බවත් පවුලේ සියලු දෙනා එක්ව සතුටින් සාමයෙන් සහ සැනසිල්ලෙන් අලුත් අවුරුද්ද සැමරීමේ අවස්ථාව පවා වසර කිහිපයක සිට අහිමි වී ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

වසර කිහිපයක් මුළුල්ලේ ලක්වාසී ජනතාවට අලුත් අවුරුදු උදාවූයේ අභියෝග රැසක් මධ්‍යයේ වුවත් සමස්ත ජනතාවගේ එකම බලාපොරොත්තුව වන්නේ රටට, ජනතාවට සෞභාග්‍යය හා නීරෝගිමත් භාවය ප්‍රාර්ථනා කිරීම බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් තවදුරටත් සඳහන් කළේය.