
(කාංචන කුමාර ආරියදාස)
සවුදි අරාබියට ගිය තමන් ඇතුළු ශ්‍රී ලාංකික කාන්තාවෝ පහළොස් දෙනකු පමණ මාස ගණනාවක සිට එරට කාමරයක සිර කරගෙන සිටින බවට කාන්තාවන් තිදෙනකු වීඩියෝ තාක්ෂණය ඔස්සේ එළිදරව් කරන්නීය.
ඔවුන් තිදෙනා දඹුල්ල, අනුරාධපුර, සහ පුත්තලම යන ප්‍රදේශ වල පදිංචි දැනට සවුදියේ සිරවී සිටින තිදෙනකි.
විදේශ සේවා නියුක්ති කාර්යංශයාංශයේ හෝ වගකිව යුතු නිලධාරීන් ගේ අවධානයට යොමු කරවන ලෙස කරන ලෙස ඉල්ලීම් කරමින් ඔවුන් විඩීයෝපටද යොමු කර තිබේ.
මේ පිරිස අතර සිටින දඹුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාව කියා සිටියේ පහලොස් දෙනෙකු පමණ මෙරට කාන්තාවන් සවුදි අරාබියාවේ මෙම කාමරයේ රඳවා ගෙන දොරවල් වසා දිනකට එක වේලක් පමණක් ආහාර ලබා දී සඟවාගෙන සිටින බවය.
කාන්තාවන් දින දෙක තුන විවිධ රැකියා වලට රැකියා නියෝජිත ආයතනය විකුණා මුදල් උපයා උපයා ගන්නා බවත් ඉතා සූක්ෂම ලෙස මෙම මිනිස් ජාවාරම සිදු කරමින් විවිධ මානසික පීඩනයන් වලට ලක්කරමින් කාන්තාවන් සිටින බවත් ඇය සඳහන් කළාය.
මාස ගණනාවක් නිවාස වල සේවය කළ ද දැඩි පීඩනය සහ විවිධ කරදර වලට ලක්ව සේවය කරන ලද වැටුප පවා අහිමි වී මෙම රැකියා නියෝජිත ආයතනයේ කාමරයෙ මේ වන විට සිර වී සිටින බවද ඔවුහු කියති.
නැවත ලංකාවට පැමිණීම සඳහා අවශ්‍ය බව පැවසූ විට රැකියා නියෝජිත හිමිකරුවන් විශාල මුදලක් ලබාදෙන ලෙස බල කරමින් බලහත්කාරයෙන් සිරකරගෙන සිටින බවද මෙම කාන්තාවෝ පවසති.



