(නිමල් ජයරත්න)
පොළොන්නරුව මහ රෝහලට අයත් වෑන් රථයකින් මත්පැන් ප‍්‍රවාහනය කරමින් සිටියදි අත්අඩංගුවට ගත් රියදුරු සහ තවත් පුද්ගලයකු අද (15) පොළොන්නරුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව අපේ‍්‍රල් 29 වෙනිදා දක්වා ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොළොන්නරුව මහේස්ත‍්‍රාත් සුරංග අසේලද සිල්වා මහතා නියෝග කලේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර කර ඇත්තේ පොළොන්නරුව මහ රෝහලේ සේවකයින් ප‍්‍රවාහනය කරන වෑන් රථයේ රියදුරෙකු වන හිගුරක්ගොඩ පදිංචි ප‍්‍රියන්ත සරත් කුමාර සහ ඕනෑගම පදිංච් ප‍්‍රසන්ත කුමාර යන අය වෙති.
සැකපිට අත්අඩංගුවට ගත් අදාල රියදුරු 14 වෙනිදා සවස මිලිලිටර් 180 ප‍්‍රමාණයේ බෝතල් 125 ක් අනෙක් සැකකරුවාගෙන් රැගෙන ප‍්‍රවාහනය කරමින් සිටියදි හිගුරක්ගොඩ කාලිංඝඇල ප‍්‍රදේශයේදි පොළොන්නරුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අද පොළොන්නරුව මහේස්ත‍්‍රාත් අධිකරනයට ඉදිරිපත් කෙරිණි.
ඇදිරිනිතිය උල්ලංඝනය කිරිම සහ රජයේ දේපල අවභාවිතා කිරිමේ චෝදනාව මත සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ බව පොළොන්නරුව පොලිසියේ නිලධාරියෙක් පැවසීය.

