සෞඛ්‍ය සේවකයා රජ්‍ය සේවකයකුට එහා ගිය නිලධාරියෙක් කරනවා


(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය සේවකයා රජයේ සේවකයකුට එහා ගිය නිලධාරියෙක් බවට පත් කිරීම බලාපොරොත්තුව බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා පැවැසීය.

ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉතා වැදගත් වෘත්තිකයින් පිරිසක් නියෝජනය කරන හෘදපෙනහළු නිවේශක වෘත්තිකයින්ගේ ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් එම වෘත්තිකයින් හට මෙරට පළමු වරට හෘදපෙනහළු නිවේශණය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් (Higher Diploma in Clinical Perfusionists Training Programme – 2025/27) හදුන්වාදීමට සහ ඊට අදාළ විෂය මාලාව හදුන්වාදීමේ අවස්ථාවට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.

ඊට අදාළ උත්සව අවස්ථාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) ජාතික රොහලේ Neuro Trauma ශ්‍රවණාගාරයේ දී පැවැති අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ‌යේ අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ අංශය (Education Training and Research (ET&R) මගින් මෙම වසර 02 ක පුහුණු පාඨමාලාව ක්‍රියාත්මක කරනු ලබයි.

මෙරට 1953 සිට හෘද ශල්‍යකර්ම සිදුකර ඇති අතර, එම කාලයේ සිට වෛද්‍යවරුන් මෙම තනතුරේ වගකීම දරා ඇත. 

වර්තමානය වන විට හෘදපෙනහළු නිවේශක තනතුරේ නිලධාරීහු 40 ක් පමණ සිටිති.