(යොහාන් භාසුර)
සෞඛ්‍ය සේවකයන් දීමනාවක් ඉල්ලා සිටීමේ වරදක් නොමැති බවත් එය එසේ වුවද මේ අවස්ථාවේදී එවැනි දීමනාවකට වෙන්කිරීමට මුදල් නොමැති යැයි මුදල් අමාත්‍යංශය පවසන බවත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (13) පැවසීය.
සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අර්ථික යුක්තිය ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් අද ආරම්භ කළ වැඩවර්ජනය පිළිබඳව කරුණු දැක්වීමට සෞඛ්‍ය අමාත්‍යංශයේදී අද පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා එසේ පැවසීය.
එම වෘත්තිය සමිති වෛද්‍යවරුන්ට දුන් රුපියල් 35,000 ක් ඉල්ලා නොමැති අතර ඔවුන් විවිධ මට්ටම්වලට විවිධ ගණනික් දීමනාව ඉල්ලා ඇති බව කී අමාත්‍යවරයා ලබන අප්‍රේල් මස සිට රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000 ක වැටුප් වැඩිවීමක් සිදුවන බව ද කීය.
සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙනත් පුද්ගලයන් ආදේශ කිරීමේ හැකියාවක් නොමැති බව කී අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වර්ජනයට සහභාගි වී සිටින සෞඛ්‍ය සේවකයන්ට රාජකාරිය සඳහා වාර්තා කරන ලෙස ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.

