
(යොහාන් භාසුර)
වෛද්‍යවරු හැර සෙසු සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් අද (13) පෙරවරු 6.30 ට ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වල කටයුතු අකර්මණ්‍ය වී තිබේ.
කොළඹ ජාතික රෝහල ඇතුළු රටපුරා රෝහල් රැසක කාර්ය මණ්ඩල සේවා සඳහා යුද හමුදාව ඇතුළු ආරක්‍ෂක අංශ සමාජිකයන්ගේ සේවය ගෙන තිබූ අතර ආරක්‍ෂක අංශ සාමාජිකයන්ගේ සහය ඇතිව වෛද්‍යවරු බාහිර රෝගී අංශවල සහ සායනවල රෝගීන් පරීක්‍ෂා කිරීමේ කටයුතු යම් කරමකින් ක්‍රියාත්මක කළහ.
ඇතැම් රෝහල්වල වෛද්‍යවරු රෝගීන් රෝද පුටුවේ තබා තල්ලු කරගෙන යන අවස්ථා ද දැකිය හැකිවිය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



