(බිඟුන් මේනක ගමගේ)
ආදේශක සෞඛ්‍ය කාර්ය සහායක කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 450 දෙනෙකුගේ සේවය වසර පහක් තිස්සේ ස්ථිර නොකිරීමට විරෝධය පල කරමින් පෙත්සමක් අස්සන් කිරීමට අද (11) කටයුතු කරන බව සමස්ත ලංකා සුව සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ගුරුගේ මහතා පවසයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමැතිවරයාව සිටියදී 2013 හා 2014 වසරවල මෙම බඳවාගැනීම් කළ නමුත් සේවය ස්ථිර කිරීමට අවශ්‍ය සුදුසුකම් නොමැති යැයි කියමින් එම කටයුත්ත දිගින් දිගටම බලධාරින් විසින් පැහැර හරිනු ලැබුවේ යැයි ගුරුගේ මහතා ලංකාදීපයට කීය.
එහෙත් මෙම සේවක පිරිස සේවයට බඳවාගෙන ඇත්තේ සම්මුඛ පරීක්ෂණයකට ලක්කර මූලික සුදුසුකම් සපුරා ඇතැයි යන නිගමනයට එළඹීමෙන් පසුව යැයි කී හෙතෙම මෙමගින් අදාළ සේවක පිරිස දැඩි මානසික පීඩාවකට පත්ව ඇතැයි අවධාරණය කළේය.
මෙසේ අස්සන් කරනු ලබන පෙස්සම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටත් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාටත් බාර දෙන බව ද මහින්ද ගුරුගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

