සෞඛ්‍ය උපදෙස් තඹේකටවත් මායිම් නොකර පෞද්ගලික බස් රථ සෙනග අදී


(එස්.ඩි.කොඩිකාර )

ඇඳිරි නීතිය ලිහිල් කර පුද්ගල  දුරස්ථභාවය තබාගෙන බස්රථ වල මගීන් 25 කු පමණක්  ආරක්ෂිතව ගමන් කිරීමට සෞඛ්‍ය අංශ  ලබාදුන් උපදෙස් තඹේකටවත් මායිම් නොකර අකුරැස්ස - මාතර මාර්ගයේ ඇතැම් පුද්ගලික බස් රථ රියදුරු ,කොන්දොස්තරවරුන් මගීන් පටවාගෙන යන අයුරු අද  (20) මාලිම්බඩ ප්‍රදේශයේ දී දක්නට ලැබුණි.

විශේෂයෙන්ම මගින් චෝදනා කරන්නේ ප්‍රධාන බස් නැවතුම් පොළවල් වලින් පුද්ගල  දුරස්ථභාවය තබාගෙන බස් රථ මගීන් රැගෙන  ගමන් ආරම්භ කලත් කිලෝමීටර් 10-15 ක්  පමණ දුරක් බස්රථ ධාවන කර අතර මග මගීන් නංවා ගන්නා විට මෙම සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් ගිලිහී යන බවයි.

ඊට අමතරව මගීන්  මෙම තත්වයට  උද්ගත වීමට ප්‍රධාන හේතුවක් ලෙස  පවසන්නේ කුඩා නගර හැර  ප්‍රධාන නගර වලින් පමණක් බස්රථ  ධාවනය කිරීම බව ඔවුන් පෙන්වා දෙයි .

මේ හේතුව නිසා මගින් සහ ජනතාව  පවසන්නේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය  වැළැක්වීම සඳහා  රටපුරා මසක් වැනි කාලයක්  පැන වූ ඇඳිරි නීති කාලය පුස්සක් වීමට ඉඩ තිබෙන බවයි . 

මේ හේතුවෙන් ජනතාව සහ මගින් පවසන්නේ ප්‍රධාන නගර හැර සෙසු අතරමඟ නගර සඳහා ද බස්රථ යොදවා   අතරමග මාර්ග වල සිට නගරවලට යෑම සඳහා  සිටින මගීන්ට ද  සහනයක් සලසන ලෙස අදාළ අංශ වලින් ජනතාව ඉල්ලා සිටී .