
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා ඇතුළු අමාත්‍යංශ නිළධාරීහු පිරිසක් ගංවතුරට හසුව සියලු දෑ විනාශ වු හලාවත මහ රෝහලේ විශේෂ නිරික්ෂණ චාරිකාවක නිරත වූහ.
මෙම අවස්ථාවට ඇමතිවරයා සමග රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන ඇමති චන්දන අබේරත්න, ගයාන් ජානක,අජීත් ගිහාන්,හිරුනි විජේසිංහ ඇතුළු පිරිසක් එක් වූහ.
ඒ සමග ලෝක සෞඛ්‍ය සංවිධානයෙ මෙරට නියෝජීත වෛද්‍ය රාජේෂ් සම්භාජීරාඕ පාණ්ඩවි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන, ඇතුළු අමාත්‍යාංශ නිළධාරිහු පිරිසක් ද එක් වූහ.
හලාවත මහ රෝහලේ ස්ථාපිත කර තිබු සීටි ස්කෑන් යන්ත්‍රය ගංවතුරීන් අක්‍රීයවිම එම පිරිසගේ අවධානයට ලක් වූහ.
වකුගඩු ඒකකය, ශල්‍යාගාර දෙක හා අනිකුත් ඒකක නැවත ආරම්භ කිරීම සම්බන්ධව ඇමතිවරයා විශේෂ අවධානය කළේය.

