සෞඛ්‍ය අමාත්‍යංශයේ ආයතන තුනකට නව සභාපතිවරු


සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන තුනක නව  සභාපතිවරුන් පත් කිරිම අද (03)  සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.
 

 රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ  සභාපතිවරයා ලෙස අචාර්ය එච්.එම්.එම් රූම් මහතා පත් කෙරුණු අතර ඔහු මීට පෙර  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කලමණාකරණ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළේය.
 
එම සංස්ථාවේ නව කළමණාකාර අධ්‍යක්ෂවරයා ලෙස මහරගම අපේක්ෂා රෝහලේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය විල්ප්‍රඩ් කුමාරසිරි මහතා පත් කර තිබේ.
 
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස මහාචාර්ය අසිත ද සිල්වා මහතා නැවතත්  පත් කර ඇත. 
 
 
දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපතිවරයා ලෙස වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පත්  කර ඇති අතර  ඔහුද මීට පෙර එම අධිකාරියේ සභාපතිවරයා ලෙසම කටයුතු කළේය.
 
 එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස අචාර්ය කුමාර ද සිල්වා මහතා පත්  කර ඇත.
 
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පත්වීම් ප්‍රදානය අමාත්‍යංශයේදී සිදු කෙරිණි.

 

(36698)

 රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ  සභාපති අචාර්ය එච්.එම්.එම් රූම් මහතා

 එහි කළමණාකාර අධ්‍යක්ෂ වෛද්‍ය විල්ප්‍රඩ් කුමාරසිරි මහතා

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස මහාචාර්ය අසිත ද සිල්වා මහතා

දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ ජනරාල්  අචාර්ය කුමාර ද සිල්වා මහතා