සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක්


ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින්  සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (03) කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්විණ.

ඖෂධ ප්‍රතික්‍රියක සහ අනෙකුත් වෛද්‍ය සැපයුම් අඛණ්ඩව ලබා දෙන ලෙසත්   හා ඉපයූ වැටුපෙන් 15% ක් කප්පාදු කරන සෞඛ්‍යය ලේකම්වරයාගේ චක්‍ර ලේඛනය අහෝසි කිරිම හා රු 20000 ජීවන වියදමක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම විරෝධතාව පැවැත්විණි.

එහිදී ඔවුන් විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණු අයුරු ඡායාරූපවලින් දැක්වෙයි

ඡායාරූප ශාන්ත රත්නායක