සෞඛ්‍ය නීතී කැඩු බස්නාහිර රාජ්‍ය -පෞද්ගලික ආයතන 473 කට නඩු


(ඉන්දිකා රාමනායක)

සෞඛ්‍ය ආරක්ෂක නීති  අනුගමනය කළ බස්නාහිර පළාතේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 473 ට ඉදිරියේ නිරෝධායන සහ රෝග වලැක්වීමේ ආඥාපනය යටතේ නඩු පැවරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක  නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

රජයේ හා පෞද්ගලික කාර්යාල, වෙළෙදසැල්,   සාප්පු සංකීර්ණ  , කර්මාන්තශාලා,    පවත්වාගෙන යාමේ දී  රජය විසින්  නිකුත් කර ඇති සෞඛ්‍ය නිර්දේශ ඇතුළත්   අති විශේෂ  ගැසට් නිවේදනය  අනුව    කටයුතු කරන්නේ ද යන්න සොයා බැලීම සදහා   පොලිසිය ඉකුත්  (11) දින  සිට ආරම්භ කළ  විශේෂ පොලිස් මෙහෙයුමේ දී ඉහත ආයතන හදුනාගෙන ඇති බවද  පොලිස් මාධ්‍ය  ප‍්‍රකාශකවරයා  සදහන් කළේය.

මෙම මෙහෙයුමේ දී      රාජ්‍ය හා  පෞද්ගලික ස්ථාන  2823 ක් පරික්ෂාවට ලක්කර ඇති අතර  ඒවා අතරින්  සෞඛ්‍ය නිර්දේශ අනුව කි‍්‍රයා  නොකරන ආයතන  473  හදුනාගෙන තිබු බව   ඒ මහතා කියා සිටියේය.