
(සුරංග රාජනායක)
දීට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ ගල හා දෙල්තොටවත්ත ගල්ලන්තැන්න පහළ කොටසේ ඇති ශ්‍රී මුත්තු මාරි අම්මාන් කෝවිල අසල විශාල වටිනාකමක් ඇතැයි සැක කරන කිලෝ ගණනාවක් බර මැණික් ගලක් යැයි විශ්වාස කරන පාෂාණයක් හමුවී ඇති බව ගලහ පොලිසිය පවසයි.
ආපදාව සමග නායයාමකට හසුව මෙම කෝවිල අසලට පැමිණි විවිධ වර්ණයන්ගෙන් යුත් ගලක් දැක ඇති අයකු ඒ බව පැවසීම නිසා මෙය සොයාගෙන තිබේ.
මෙම නාය නිසා නිවාස කිහිපයකටද හානි සිදුවී කෝවිලටද බරපතළ හානි සිදුව තිබුණි.
ප්‍රදේශවාසී වතු ජනතාව විසින් 2010 වසරේ සිට මුදල් එකතු කරමින් ඉතා අමාරුවෙන් මෙම කෝවිල ඉදිකර ඇති අතර වසර ගණනාවකට පසු මෙම වසරේ එළඹෙන මාර්තු මස එය විවෘත කිරීමටද සැලසුම් කර තිබූ බව පැවසේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd