
(වසන්ත චන්ද්‍රපාල)
පුලුකුණාව රජ මහා විහාරය, අම්පාර සාම බෞද්ධ විහාරය, නාමල්තලාව ශ්‍රී ශෛලබිම්බාරාමය, කල්මුනේ ශ්‍රී සුභද්ධාරාමය, මාණික්කමඩු පුරාණ රජ මහා විහාරය, අම්පාර මාහාවාපි විහාරය, අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය, ඇතුලු විහාරස්ථාන ගනණාවාකට නායකත්වය දෙමින් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී විභුතිය ආරක්ෂා කරමින් බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් මහා සඝරුවනක් බිහි කරමින් කටයුතු කරන ලද කිරිදිවැල සෝමරතන හිමියන්ට මල්වතු මහා විහාරීය කාරක මහා සංඝ සභාව විසින් සෝමරතන හිමියන්ට ගෞරව නාම සහිතව තනතුරක් ලබාදිමට පියවර ගෙන තිබේ.
ඒ අනුව සද්ධර්ම කීර්ති ශ්‍රී සුමනතිස්ස ඉන්ද්‍රසාර යන ගොරව නාමය සහිතව උතුරු නැගෙනහිර දෙපලාතේ සමත බල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක ලෙස කිරිදිවැල සෝමරතන හිමියන් පත් කර තිබේ.
සෝමරත්න හිමියන්ට නායක පදවිය පිලිබද ව සන්නස් ප්‍රදානය කිරිම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (17) අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පිලිගන්වනු ලැබිය. විජිනිපත පිළිගැන්විම දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී විරසිංහ මහතා විසින් සිදුකරනු ලැබිය.
මල්වතු මහා විහාරිය අනුනායක නියංගොඩ විජිතසිරි හිමියන් මෙම උත්සවයේ මුලසුන දැරීය. ලංකාවේ විවිධ පළාත්වලින් මහා සංඝරත්නය අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙත වැඩම කරනු ලැබිය.

