සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය අයෙක් දිය වලකට වැටී මරුට


(පාලිත ආරියවංශ සහ  සමන් පාලිත නානායක්කාර)     

සංචාරකයන් දෙදෙනෙකු සමග  ඇල්ලේ සිට කොස්ලන්ද  දියලුම දියඇල්ල නැරඹීමට පැමිණි  29 හැවිරිදි තරුණයෙක් අද(23) දවල් දියලුම දියඇල්ලට ඉහළින්  ඇති උඩ දියලුම ජල වලකට වැටී මියගොස් ඇතැයි කොස්ලන්ද පොලිසිය පවසයි.

ඔහු සෙල්ෆි ජායාරූපයක් ගැනීමට සැරසෙද්දී මෙම අනතුරට මුහුණ පා තිබේ.

මෙසේ මරණයට පත්ව ඇත්තේ ඇල්ල පදිංචි ගයාන් වීරසිංහ නැමත්තෙකි.

මෘත දේහය ගොඩගැනීම සඳහා කටයුතු කරන බව කොස්ලන්ද පොලිසිය  පවසයි.