සූදු ගැසූ 13ක් මාට්ටු


(නිමල් ජයරත්න)

කාලයක සිට පොලොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් වටලා, සූදු ක්‍රීඩාවේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බටයකු ඇතුළු දහතුන් දෙනකු, ඔවුන් පැමිණි බව කියන යතුරු පැදි 08 ක්, ත්‍රිරෝද රියක්, වෑන් රථයක්  අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියයි.

සැකකරුවන් හිඟුරක්ගොඩ, වැලිකන්ද, මඟුල්පොකුණ, ගිරිතලේ, මින්නේරිය, ඇතුගල, අරලගන්විල,යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පරීක්ෂණ සිදුකරන මනම්පිටිය පොලිසිය කියයි.

අනුන්ගේ යතුරු පැදිවල පැමිණ ඔවුන් දීගු කලක සිට මුදලට සූදුකෙළ, ඇති බව,පරීක්ෂණ සිදුකරන මනම්පිටිය පොලිසිය සඳහන් කරයි.

සූදු කෙළිමින් සිටි තවත් පිරිසක් පලගොස් ඇති බවද පොලිසිය පවසයි.