සූදු ක්‍රීඩාවේ යෙදුණු කාන්තාවන් තුනක් ඇතුළු පහක් අත්අඩංගුවට


(යොහාන් භාසුර)

නිරෝධායන සහ සංචරණ නීති උල්ලංඝනය කරමින් පානදුර, කළුදෑවල ප්‍රදේශයේ නිවසක් තුළ සූදු කෙළිමින් සිටි කාන්තාවන් තිදෙනකු ඇතුළු පුද්ගලයන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව  පානදුර දකුණ පොලිසිය කියයි.

පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවත් අත්අඩංගුවට ගන්නා විට ඔවුන් සතුව තිබූ රුපියල් 40,000 කට ආසන්න මුදලක් ද බාරයට ගත් බවත් පානදුර පොලිසිය කියයි.