
(රවින්ද්‍ර ලියනගේ)
මුහුදු මාර්ගයෙන් නීති විරෝධීව මෙරටට ගෙන ආ බීඩි කොළ තොගයක් තම සන්තකයේ තබා ගෙන සිටි හිටපු සුරාබදු නිලධාරියකු බව කියන පුද්ගලයකු සමග මෝටර් රථයක් සමග අත් අඩංගුවට ගත් බව පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.
පොලිසියට ලද තොරතුරකට අනුව පුත්තලම පිටවටරවුම් පාර ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් සැකකරු මාතර - හක්මන පදිංචි සැකකරු 29 හැවිරිදි අයෙකි.
සුරාබදු දෙපාර්තමේන්තුවේ කලක් සේවය කර ඇති සැකකරු ඉන් ඉවත් වී ඇති අයෙකු බවට අනාවරණය වී ඇත.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව සුරා බදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති හැදුණුම්පතක්ද තිබී ඇත.
සැකකරුට අයත් මෝටර් රථය තුළ බීඩි කොළ අඩංගු පොලිතින් මළු 10 ක් සූක්ෂම ලෙස අසුරා තිබියදී පොලිස් නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.

