සුරාබදු නිලධාරීන් දෙන්නෙක් බීඩි කොළ ලොරියට ආරක්ෂාව දීලා


(ගයාන් සූරියඅරච්චි)

නීතිවිරෝධීව ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 100 ක් පමණ වටිනා බීඩිකොළ කිලෝ 1200 ක් ප්‍රවාහනය කිරීමට ආරක්ෂාව ලබාදුන් බව කියන සුරාබදු නිලධාරීන් දෙදෙනකු ඇතුළු 3 දෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බීඩිකොළ පටවාගෙන ගිය ලොරියේ රියැදුරු, මීරිගම ප්‍රදේශයේ සුරාබදු කාර්යාලයේ රාජකාරී කරනු ලබන සුරාබදු පරීක්ෂකවරයකු සහ සුරාබදු රියැදුරකු බව පොලිසිය පවසයි.

බීඩි කොළ ලොරියට ආරක්ෂාව සැලසීම සදහා සුරාබදු නිලධාරීන් යොදාගත් වෑන් රථයක්, බීඩිකොළ ලොරිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.