සීයට පහක් ඡන්ද නැති අය තරඟ කිරීම ජාතික අපරාධයක්


(අංජුල මහික වීරරත්න)

සියයට පහකවත් ඡන්ද ප්‍රතිශතයක් නැති අය ජනාධිපතිවරණයට තරඟ කිරීම ජාතික අපරාධයක් යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙවර ජනාධිපතිවරණයට තරඟ කරන පිරිස ඉහළ ගොස් තිබෙන නමුත්  ප්‍රධාන අපේක්ෂකයින් දෙතුන්දෙනා හැරෙන්නට අනෙක් අපේක්ෂකයින්ට අඩුම තරමින් සියයට දෙකකවත් ඡන්ද පදනමක් නැතැයි අමාත්‍යවරයා කීය.

සමහරුන්ට තමන්ගේ  පව්ලේ අයගේ ඡන්දෙවත් ලැබෙන්නේ නැතැයි ද අමාත්‍යවරයා කීය.

ජනාධිපතිවරණයේ දී තරග කරන අපේක්ෂකයින් විසින් බැඳිය යුතු ඇප මුදල සැලකිය යුතු මට්ටමින්  ඉහළ නැංවීම සම්බන්ධව අපි අමාත්‍ය මණ්ඩලය වශයෙනුත් සාකච්ඡා කළ බවත්  සියයට 5ක් වත් ඡන්ද පදනමක් නැති පක්ෂ විසින් ජනාධිපතිවරණයට තරග කිරීම මගින් සිදුවන සම්පත් නාස්තිය අවම කිරීම සඳහා සාකච්ඡා කළත් එම නීති සකස් කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.