සීගිරිය ලෝකයේ බැබළෙයි


(යොහාන් භාසුර)

සීගිරිය මෙම වසරේ (2025) ලොව වැඩිම පිළිගැනීමට ලක්වූ නගර අතර පෙරමුණ ගෙන තිබේ.

ලොව ඉදිරියෙන්ම සිටින වෙබ් අඩවියක් වන ‘බුකින් ඩොට් කොම්’ වෙබ් අඩවියට නම් කළ 2025 වසරේ ලොව වැඩිම පිළිගැනීමට ලක්වූ නගර අතර සීගිරිය ඉදිරියෙන් සිටියි.

‘බුකින් ඩොට් කොම්’ වෙබ් අඩවිය එහි 13 වැනි ‘ට්‍රැවලර්ස් රිවීව්’ සම්මාන ප්‍රදානයට සමගාමීව මෙම අනාවරණය කර තිබේ.විදේශ සංචාරකයන්ට නවාතැන්, ප්‍රවාහන, ආරක්‍ෂාව ඇතුළු සංචාරක පහසුකම් සපයාගැනීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව අවදානය යොමු කර සීගිරියට මෙම ස්ථානය හිමිව තිබේ.

ලොව ප්‍රසිද්ධම වෙබ් අඩවියක් වන ‘බුකින් ඩොට් කොම්’ වෙබ් අඩවිය සතුව පරිශීලකයන් කෝටි 30 කට අධික සංඛ්‍යාවක් සිටිති.