
(ඉන්දිකා රාමනායක)
2019 වසරේ එල්ල වු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (12) හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන් පැය 6 ට කාලයක් පුරා ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාලව පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගෙන් අවස්ථා දෙකකදී ප්‍රකාශ සටහන් කරගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කර තිබු දැනුම් දීමක් අනුව රිෂාඩ් බදියුදීන් අද පෙරවරු 10.00 ට පමණ එහි පෙනී අතර මෙම ප්‍රශ්න කිරීම පස්වරු4.00 දක්වා පැවැත්විණි.
මෙම ප්‍රශ්න කිරීම් වලට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රිෂාඩ් බිදියුදීන් මහතා ගමන් බලපත්‍රයට ඇතුලු වැදගත් ලියකියවිලි රැසක්ම ගෙන්වාගෙන පරීක්ෂා කළ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග කියයි.
ඉදිරි දිනකද ඒ මහතා නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීමට නියමිතව ඇත.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුව දැනට සැකකරුවන් 300 ට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම පිරිස අතර රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරා වන මොහොමඩ් රියාජ් බදියුදීන් මහතා නීතිඥ හිෂාඩ් හිස්බුල්ලා යන මහත්වරුන් ද සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බවත් එය වලක්වන ලෙසට ඉල්ලා අතුරු නියෝගයක් නිතුක් කරන්නැයි රිෂාඩ් බදියුදීන් මහතා ශ්‍රේෂ්ඨාකරණයට හමුවේ ගොනුකළ මුලික අයිතිවාසිකම් පෙත්සමත් ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා ප්‍රතික්ෂේක කර තිබිණි.

