
(රංජන් කස්තුරි)
පාස්කු ප්‍රහාරයෙන් හා කොවිඩ් වසංගතය හේතුවෙන් කඩා වැටුණු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර යළි නැංවීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශය ලබාදී ඇති නිර්දේශ වානිජ බැංකු ප්‍රතික්ෂේප කිරීම නිසා රට පුරා ව්‍යවසායකයන් රැසක් කබලෙන් ලිපට වැටී ඇතැයි දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යවසායක සංවිධානය සඳහන් කරයි.
කඩා වැටුණු ව්‍යාපාර පිළිබඳ කර්මාන්ත අමාත්‍යාංශය ශක්‍යතා පරීක්ෂාවක් සිදුකර නැවත නඟා සිටුවීමට සුදුසු ව්‍යාපාර බවට නිල වශයෙන් නිර්දේශ කර තිබියදීත් බැංකු එම නිර්දේශ පිළිනොගන්නා බවද එම නිසා එම ව්‍යාපාර වෙනුවෙන් රජය ලබා දුන් සහන පැකේජ ක්‍රියාත්මක නොවන බවද දිස්ත්‍රීක් ඒකාබද්ධ ව්‍යවසායක සංවිධානය මගින් කොළඹදී ප්රවෘත්ති සාකච්ඡාවකදි එම සංවිධානයේ සභාපති චම්ලි කුමාරසිරි පෙරේරා මහතා පැවසීය.
ව්‍යවසායකයන් බැංකු ණය කපා හැරීමට කිසිදු ඉල්ලීමක් නොකරන බවද ඔවුන් ඉල්ලා සිටින්නේ ජාත්‍යන්තර මට්ටමේ පිළිගත විද්‍යාත්මක ලකුණු පද්ධතියක් හරහා එම ව්‍යාපාර ඇගයීමට ලක්කර ලකුණු පදනමක් මත සහන ලබාදී මේ වැඩපිළිවෙළක් බවද හෙතෙම සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd